දේශීය පුවත්

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සිදුවීම තමන් කළ එක ම කරුමය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 21 වන සංශෝධනයට විරුද්ධව යම් පිරිසක් ක්‍රියාත්මක වන බව ය.

එය පරාජය කිරීම සඳහා ක්‍රියා කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

“මම 18ට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කරපු එක ම කරුමේ තමා 20ට ඡන්දය දෙන්න ලැබීම. 21 නොකරන්න විශාල ජනමතයකුත් පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂය ඇතුළේ, සමහර අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත මේ වැඩපිළිවෙළක් යනවා අපි ඒකට විරුද්ධ විය යුතු යි. මම මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලන්න කැමති යි ඡන්දය විමසන දවසට කරුණාකරලා හැමෝම තමන්ගේ ආසනයේ ඡන්දය දුන්න මන්ත්‍රීවරයාගේ ගේ ගාවට පොඩ්ඩක් එකතු වෙන්න. එකතු වෙලා කියන්න තියෙන ටික කියන්න මේකට ඡන්දේ දෙන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More