හෙට දිනයේදී Litro ගෑස් සිලින්ඩර් 10,000ක් පමණක් නිකුත් කරන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එම ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදා හරින බව ය.
ඒ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාවගෙන් සභාපතිවරයා ඉල්ලා සිටින්නේ, ලබන අඟහරුවාදා (ජූනි 07) වන තුරු ගෑස් ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ය.
හෙට දිනයේදී ගෑස් සිලින්ඩර් 10,000 බෙදා හැරීමෙන් පසු රට තුළ ගෑස් අවසන් වන බව ද ඔහු පැවසීය.
ලබන සඳුදා දිනයේදී ගෑස් රැගත් නෞකාවක් මෙරටට ළඟා වන අතර එය පැමිණියහොත් අඟහරුවාදා දිනයේ සිට යළි ත් ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බව ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...