දේශීය පුවත්

තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (2) පැවසීය.

රජය සාකච්ඡා කරන ව්‍යවස්ථා සංශෝධනයතවමත් කිසිවකු දැක නොමැති අහසේ පාවෙන මහ පොළව මත යථාර්ථයක් නොවන්නක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුළු රටම අද සාකච්ඡා කරන්නේ රජය විසින් අවසන් තීරණයක් ගෙන නොමැති ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බවත් එම ක්‍රියාදාමය අවසන් වීමට අවම වශයෙන් මාස තුනක්වත් ගතවනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනය සම්මත කරගරනීමට සහයෝගය දෙන ලෙෂත් ඒ සඳහා කඩිනමින් පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් කිරිඇල්ල මහතා කීවේය.

සාමකාමී අරගලකරුවන් සහ රටේ ජනතාව ඉල්ලන සියලු සංශෝධන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන බැවින් ඒ පිළිබඳ නොපමාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා ශේෂ්ඨාධිකරණය ඉදිරියේ පවතින බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යනම් එය මහමැතිවරණයක් හා එක්ව පැවැතවීමේ හැකියාව ඇති බවත් ඔහු කීවේය.

විධායක ජනාධිපතික්‍රමය ආහෝසි කිරීම ඇතිුලු සංශෝධන සඳහා රජය අවංක නම් සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කැපවන්නැයි ඉල්ලීමක් කරන බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More