දේශීය පුවත්

රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයට අනුව රුසියාවේ මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ A330 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවාගැනීමට තීරණය කර තිබේ.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වග උත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය ලබන 16 වන දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් වුණි.

පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවය.

එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම ගුවන්යානය අද පස්වරු 12.50ට පමණ රුසියාවේ මොස්කව් බලා ගුවන්ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව මොස්කව් දක්වා ගමන් කිරීමට නියමිත මගීන් 191 දෙනෙකු එම අවස්ථාවේ සූදානම්ව සිට ඇති අතර ඔවුන් මේ වන විට ගුවන්තොටුපල අසල හෝටල් වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු රජය පවසන්නේ මෙම ගුවන්යානය බර්මියුඩාව තුළද ලියාපදිංචි කර ඇති අතර ගුවන් යානයට ඒ අනුව ද්විත්ව ලියාපදිංචියක්ද හිමි බවය.

දිවයිනට පැමිණි මෙම එයාර් බස් A330 ගුවන්යානය මීට පෙර අවස්ථා 7කදී ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් කර ඇති බවද රුසියානු රජය සඳහන් කරනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පසුගිය මාර්තු මසදී ශ්‍රී ලංකා බලධාරීක් රුසියානු ගුවන් සමාගම්වල ගුවන්යානා රඳවා නොගන්නා බවට රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත සහතිකයක් ලබාදී ඇති පසුබිමක මෙම ගුවන්යානය රඳවාගෙන ඇති බවය.

ඒ අනුව රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය මෙම ගැටලුකාරී තත්ත්වය විසඳාගැනීමට පියවර ගනිමින් සිටින බවද රුසියානු රජය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More