රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අනාවරණය කළේය.
එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යය්වරයා පවසා සිටියේ,2023 වසර ආරම්භවීමට පෙර දෙසැම්බර් 22, 23 පමණ වන තුරු 2022 වසරේ පාසල් පැවැත්වීමට ඉඩ ඇති බවත් දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී මෙම වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියේය.
“2023 වසරට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය සඳහා සහ නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලෙස ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටිනවා.” යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...