දේශීය පුවත්

මැයි 31 දා කැබිනට් අනුමැතිය ලද බදු සංශෝධන පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ අදහස සම්බන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු දක්වමින් සංගමයේ සභාපති සරත් අබේරත්න මහතා පවසා සිටියේ නොගෙවන බදු හා සඟවන බදු ආදායම් හෙළි කර ගෙන අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් අද ලබන බදු ආදායම මෙන් දෙගුණයක ආදායමක් සෙවිය හැකිවනු ඇති බව අනාවරනය කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සරත් අබේරත්න මහතා පවසා සිටියේ එය දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස සිදුවිය යුතු යැයි ද සභාපතිවරයා කියා සිටියේ ය.

“ආදායම් බදු තුළින් ආදායම් ලබා ගන්නට පියවර ගන්නා අන්දමින්ම පවතින කළු ආර්ථිකයෙන් රට මුදා ගැනීමට ද බලධාරීන් කටයුතු කළ යුතුයි.දේශපාලනඥයන්, සුදුසුකම් නැති බදු නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන් ද එක්ව සැදී ඇති චෞර වළල්ලක් විසින් මේ කළු ආර්ථිකය හසුරුවනවා. එය බිඳ දැමීමට ඉහළ සිට පහළට රටට ආදරේ ඇති සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි.මුදල් උපයා ගැනීමේ අරමුණින් රජය මෙම වක්‍ර බදු අයකිරීම් සංශෝධනය කරන්නට ඇතැයි සිතන බව කීය. රටට බලපා තිබෙන මේ ආර්ථික අර්බුදයට හේතුව 2019 විශාල ප්‍රමාණයක් බදු ඉවත් කිරීමයි. 2019 වන විට එකතු කළ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1225යි. නමුත් 2019දී බලයට ආ වහාම රජය මේ බදු සංශෝධනය කරමින් විශාල ප්‍රමාණයකින් අඩු කළා.මෙයින් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 1200ක් පමණ වෙනවා. ඒ සල්ලි හොයා ගන්න රුපියල් බිලියන 1700ක් මුද්‍රණය කළා. මේ උද්ධමනයට හේතුව මුදල් මුදා හැරීමයි. රජයේ සේවක වැටුප්වලට පමණක් බිලියන 80ක් අවශ්‍යයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More