2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන් පත් කර තිබේ.
ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා එහි ලේකම් ලෙස කටයුතු කරයි.
කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය 01 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
රටෙන් කොල්ල කැ ධනය ආපසු ලබා ගැනිමට ස්තිර කොමසමක් හෝ කමි ඉටුවක් පිහිට විය යුතුය