දේශීය පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි අප වෙත වාර්තා වේ.

වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ හෙවත් නඩත්තු කිරීමේ දුෂ්කරතා සහ පවත්වාගෙන යාමට අවශ්‍යය තරම් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.

ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවද වාර්තාවේ.

මේ අතර ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ ආර්ංචි මාර්ග පවසා සිටියේ මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්ය.

රත්මලාන ගුවන් තොටුපළද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයාගේ මතය වී තිබේ. එහෙත් රත්මලාන ගුවන් තොටුපල ගුඅව්න් නියමුවන් පුහුණු කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස සාර්ථකව කටයුතු කරමින් තිබෙන බව රත්මලාන ගුවන් තොටුපලේ සේවකයෝ පවසති.

මේ අතර පසුගිය මාර්තු 27 වැනිදා රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්මය.

ගුවන්තොටුපළ විවෘත කිරීමේ ඒ උත්සවයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More