දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර තිබූ ජනාධිපති සමාව අවලංගු කරමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කර තිබූ නියෝගය ප්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් පැවසුවේය..

දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31) පස්වරුවේ නියෝග කළ අතර ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරුවී මරණීය දණ්ඩනය නියමව සිරදඬුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා මහතා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වා මහතා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More