ප‍්‍රධාන පුවත්

ගමැති රනිල් සහ අමාත්‍ය අකිල විරාජ් ගෙනා කැබිනට් පත්‍රිකා දෙකක් ගැන කැබිනට් හමුවේ විශේෂ අවධානය යොමුවූ අතර එයට ජනාධිපතිවරයා සිය දැඩි විරෝධය පල කිරීම නිසා හකුලා ගැනීමට සිදුවූ බව වාර්තාවේ.

ඉන් එක් කැබිනට් පත්‍රිකාවක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මුල් අදියර ලෙස උපාධිධාරීන් 5,000ක් බඳවා ගැනීමයි.

“මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සරවෙලාම අභ්‍යන්තර අය ගැන බලන්න ඕනෑ.

බාහිර උපාධිධාරීන්ට වඩා මුල් තැන දෙන්න ඕන. දෙගොල්ලන්ම කලවම් කර ගත්තම හරියන්නේ නෑ.” ශ්‍රී ලනිප ඇමැතිවරයකු කීවේය.

“ඔව් අභ්‍යන්තර උපාධිධාරීන්ට මුල් තැන දෙන්න ඕනෑ” ජනාධිපතිවරයාද ඊට මැදිහත් විය.

මේ අය බඳවා ගනිද්දී පනවපු කඩඉම් ලකුණුවලත් ප්‍රශ්නයක් තියෙනවා. මඩකළපුවෙන් විතරක් 934ක් තේරිලා, පොළොන්නරුවෙන් ඉන්නේ 32යි. ඒ විතරක් නොවෙයි උපාධිධාරීන් වැඩිම පිරිසක් ඉන්න කුරුණෑගලින් 300ක් . තවත් ඇමැතිවරයෙක් කිවේය.

“මේ කඩඉම් ලකුණු හරියට හදලා ලබන සතියට වර්තාවක් කැඳවන්න” ජනාධිපතිවරයා එම යෝජනාව සලකා බැලීම පසුවට කල් තිබ්බේය.

ඇමැති අකිලද කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ උසස් පෙළ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම සදහාය. මෙම යෝජනාවටද ඇමැතිවරුන් කිහිප දෙනකු විරුද්ධව අදහස් දක්වන්ට විය.

“මේක බජට් එකේ තිබුණු යෝජනාවක්” ඇමැති අකිල, විරෝධය මැද කීවේය.

“ටැබ් පරිගණක දෙන්න කලින් පාසල්වල බලන්න හුඟාක් දේවල් තියෙනවා. සමහර ඉස්කෝලවලට හරිහැටි වැසිකිළි කැසිකිළි පද්ධතියක්වත් නෑ. විදුලිය නෑ. ගොඩනැඟිලි නැති පාසල් කොච්චිර තියෙනවාද? ඉස්සරවෙලා ඒ ටික කරලා ඉන්න” ජනාධිපති මෛත්‍රි එසේ පැවසූ අතර පැමිණි විරෝධය හමුවේ එම යෝජනාවද ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

“නායකතුමාගෙයි, මහ ලේකම්තුමාගෙයි දෙන්නගෙම යෝජනා දෙක විසි උනා” කැබිනට් හමුව අතරතුර ඇමැතිවරු පිරිසක් කසුකුසු ගාන්නට වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More