බැසිල් එලවීම සඳහා 21 වැනි සංශෝධනයට සහය දෙන බවට උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන්,
” බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තුව ඇතුලට ගේන්න 20 වන සංශෝධනයට ඔවුන් අත ඉස්සුව. ඊට පස්සේ මහින්ද අගමැති තනතුරෙන් එලවන්න අන්තර්කාලීන ආණ්ඩුව කඩාකප්පල් කරල සටනක් දුන්නා.ඊට පස්සේ රනිල් ගේනකොට පූස් පැටව් ටික වගේ හිටියා. නමුත් කිසිම විටෙක ඔවුන් බැසිල් රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට කොන්දේසියක් පැනෙව්වේ නැහැ.බැසිල්ට ඇමතිකම නැති කළේ ජනාධිපතිවරයා. ගම්මන්පිල මහත්තය බැසිල්ට ඇමතිකම් බැහැ කියල කොන්දේසියක් පැනෙව්වේ නැහැ.
රනිල් සමඟ ව්‍යයවස්ථා සංශෝධනයක් කරල රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කරනවට වඩා හොඳ නැද්ද බැසිල් ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරණු කියල දේශපාලන සටනක් ආරම්භ කරන එක. බැසිල් එලවන්න ව්‍යයවස්ථා සංශෝධනයක් අවශ්‍යය නැහැ.ඒක සාමාන්‍යය බහුතරයෙන් සම්මත කරන පනතකින් වුනත් කරන්න පුළුවන්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...