බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ පසුගිය 09 වන දා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආශ‍්‍රිත ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිදුවීමට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වන විට රහස් පොලිසිය විසින් ඔහුගේ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගෙන එම දත්ත ලබා ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව සිද්ධිය වූ දින දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුම් සහ ඔහු ලබාගත් ඇමතුම් පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමට නියමිත බව වාර්තාවේ.
අරගල කරුවන්ට පහර දීමට පැමිණෙන පිරිස් වළක්වන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග ලබාදී තිබියදී එම නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දුන් බව දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබුණි. ඔවුන් විසින් ලබාදී තිබෙන කට උත්තර සනාථ කර ගැනීම සඳහා මෙලෙස දුරකථන දත්ත විශ්ලේෂණය කරනු ලබන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...