පුරවැසි කොලම

ඉදිරිපත්ව ඇති 21වන ව්‍යවස්ථා සංශෝධනය හා එයින් ගෝටා ගෝ හෝම් ඉටුවීම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමා ප්‍රකාෂකර සිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ වෙතත් ගෝටා ගෝ හෝම් අරගල කරුවන්ගේ සහ 69 ලක්ෂයේ අපේක්ෂාවද ගෝටා ගෝ හෝම් බවයි. නමුත් එහි වෙනස වන්නේ ප්‍රමුඛතා ලයිස්තුවේ බවයි. එතුමාගේ අදහස පහත පළවේ.

අපගේද අවශ්‍යතාවය වන්නේ ගෝඨා ගෝ හෝම් සහ විධායක ජනාධිපති බලතල කපා හැරීමයි. ගෝඨා ගෝ හෝම් යන්න 69 ලක්ෂයක් ජනතාවගේද දැන් අවශ්‍යතාවයයි. ඒ පිළිබඳව අපගේද අනුග්‍රහය සැබෑ ගෝඨා ගෝ හෝම් අරගලකරුවන්ට හිමිවේ. නමුත් මෙහිදී අරගලකරුවන් හා අප අතර ඇති ප්‍රධානම විෂම බව වන්නේ ගෝටා ගෝ හෝම් සිදුවිය යුතු ප්‍රමුඛතා ලයිස්තුවයි.

ගෝටා ගෝ හෝම් කරුවන්ට ප්‍රධාන කරුණ වන්නේ ගෝටා ගෝ හෝම් වේ. ඊට ප්‍රධාන කරුණ වන්නේ ගෑස් ඉන්ධන හා විදුලිය ලබාදීමට නොහැකිවූ කරුණ වන ඩොලර් නැතිවීම සහ එසේ වන්නට හේතුවූයේ රාජපක්ෂවරුන් විවිධ ආකාරයේ දූශිත ගනුදෙනු මගින් ඩොලර් බිලියන ගණන් ගසා කා විදේශ බැංකුවල එම ඩොලර් බිලියන ගණන් තැන්පත් කර ඇත යන තර්කයයි. මෙම තර්කය මෑතකදී ඇතිවූ ප්‍රපංචයක් වන අතර තහවුරු කර නොමැති චෝදනා මත පදනම්ව ඇත.

එහෙත් අපට ප්‍රධානම හේතුව වන්නේ විධායක ජනාධිපති තනතුර නුසුදුස්සෙකුට ලැබීමෙන් රටට ඉන් විය හැකි අනර්තය පිළිබඳ වැටහීමයි. මෙය ගෝටා ගෝ හෝම් වැනි ක්ෂණික ස්ලෝගන් එකක් නොවන අතර ගෝටා පත්වීමටද ප්‍රථමව ඇතුලත් කරන ලද මූලික කරුණකි.

මේ පිළිබඳව සාක්ෂි බොහොමයක් අපට දිය හැකි අතර ප්‍රධානම හෙලිදරව්ව වන්නේ ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් සම්පාදනය කරන ලද සම්මුතියේ මාලිමාව හෙවත් නූතන දස පනතයි. එහි සඳහන්කර ඇත්තේ 2019 පත්වෙන කුමනහෝ ජනාධිපති වරයෙකුගේ කාර්‍යභාරය විය යුත්තේ රට බෙදන 13 වන සංශෝධනය වැනි ව්‍යවස්ථා නැති රට සුරකින නව ව්‍යවස්ථාවක් රටට දිය යුතු බවයි. එවක අපගේ අදහස් වලට වැඩියෙන්ම සමපාතව සිටියේ ගෝඨාභය මහතා බැවින් එතුමාට 2019 සැප්තැම්බර් 12 දින බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පිළිගන්වන ලදී. ජනාධිපතිවරයාගේ සව්භාග්‍යය දැක්ම ප්‍රතිපත්ති මාලාවේද සඳහන්වන නව ව්‍යවස්ථාවක් ගෙන එන පොරොන්දුවද එය බව දෙවන සාක්ශියයි.

මෙම සාක්ශි දෙක පමනක් ගෝටා ගෝ ගම අරගලකරුවන්ට ප්‍රථම අප ගෝටා ගෝ හෝම් ඉල්ලූ බව සනාත කරයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පවතින වතාවරණයක් හමුවේ එහි ප්‍රගතිය අතරමැද කඩාකප්පල් කර වෙන වෙන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහයක්දැයි නූතන ගෝටා ගෝ ගම අරගල නාටකයේ ඇතිදැයි සැකයක් ජනිත වේ.

මේ පිළිබඳව නිගමනය කළ හැක්කේ ගෝටා ගෝ ගම අරගල කරුවන්ගේ ප්‍රමුඛතා ලයිස්‍තුව හා අපගේ ප්‍රමුඛතා ලයිස්තුව සංසන්දනය කර බැලීමෙනි.

ගෝටා ගෝ ගම අරගලකරුවන්ගේ අරමුණ සහ ප්‍රමුඛතාවය දෙකක් නොව එකකි. එනම් ගෝටා ගෝ ගෝම් යන්නවේ. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂවරු මේතාක් කල් හොරකම්කළ ඩොලර් වහා ගෙනවිත් ගෑස් ඉන්ධන හා විදුලිය ලබා ගැනීමයි. මෙය කොතරම් යථාර්ථයක් දැයි පිළිගත හැකිද යන්න අපහැදිලි වන්නේ රාජපක්ෂවරු හොරා කා සඟවා ඇති ධනය තිබෙන ස්ථාන සොයාගැනීම සහ එසේ සොයගත් ධනය නැවත රටට ගෙන ඒමට ගතවන කාළය පිළිබඳ ප්‍රශ්නයයි. එතෙක් කාලයක් ගෑස් තෙල් හා විදුලිය නොමැතිව රටට සිටිය හැකිද? ගෑස් තෙල් විදුලිය පමණක් නොව දැන් ඖෂධද හිඟ වෙමින් පවතී. එබැවින් ගෝටා ගෝ ගම අරගලයෙ අපේක්ෂිත ප්‍රථිඵලය යථාර්ථයක් නොවේ.

රාජපක්ෂ වරුන්ගේ මෙරට දේපොළ විකුණා ඩොලර් ලබා ගැනීමද විශාල කාලයක් අවශ්‍ය ක්‍රමයක් බව පැහැදිලිව පෙනෙන්ට ඇත. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග විශාල සංඛ්‍යාවක් ඇත. නියමිත ක්‍රමවේදයකින් තොරව රාජපක්ෂවරුන්ගේ වත්කම් පවරා ගතහොත් එය රාජපක්ෂවරුන්ව මංකොල්ල කෑමක් බවට පත්වෙනු ඇත. එබැවින් වත්මන් ඩොලර් අර්බුදය විසඳීමට රාජපක්ෂවරුන්ගේ වත්කම් පවරා ගැනීමද යථාර්ථයෙන් බැහැර ක්‍රම වේදයක් බව මෙයින් පැහැදිලිවේ.

මෙසේ යථාර්ථයෙන් බැහැර ගෝටා ගෝ හෝම් අරගලයේ ප්‍රථිඵලය වන්නේ රට බෙදුම්වාදය සඵල කිරීමක් සහ රට ආරාජික වීමක් බව අපගේ ප්‍රමුඛතා ලයිස්තුව හා ගලපා බැලීමේදී පෙනීයයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පාදනය කර ඇති බෙදී වෙන්වී යාමේ හකියාව නවතා තිබෙන්නේ විධායක ජනාධිපති තනතුර පැවතීම හේතුවෙනි. මෙම භයානක තත්ත්වය නැතිකළ හැක්කේ අපගේ ප්‍රමුඛතා ලයිස්තුව අනුව කටයුතු කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඔය යෝජනාකර තිබෙන අංගවිකල 21 වන ව්‍යවස්ථා සංශෝධනය නොවෙයි. ජනාධිපතිතුමා පොරොන්දු උන සෞභාග්‍යයේ දැක්මේ ආකාරයට බෙදුම්වාදය නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එනම්:

නව ව්‍යවස්ථාවක්
එයින් නව පාලන ක්‍රමයක්
නව ඡන්ද ක්‍රමයක්
විධායක ජනපතියෙක් නොමැත
ගෝටා ගෝ හෝම් ඉටුවේ

මේ ක්‍රම වේදයෙන්ද ක්ෂණිකව රටට අවශ්‍ය ඩොලර් නොලැබේ. ගෝගම් අරගලකරුවන්ට මේ සත්‍යය වැටහිය යුතුව ඇත. එසේ නොමැතිව ක්ෂණිකව ඩොලර් ගෙනෙන මගක් ඔවුන් දන්නේනම් ඒ බව රටට හෙළිකල යුතුය. එවිට ඒ පිළිබඳවද යම්කිසි මතයක් ප්‍රකාෂ කළ හැක. එම යෝජනා කරන ක්‍රමය ප්‍රායෝගිකනම් අනිවාර්යයෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට මුළු රටම ගෝගමක් කර බලකළ යුතුය.

සැබෑ තත්ත්වය වන්නේ IMF එක දැනුදු පවසා ඇත්තේ ණය ලබාදීමටනම් ප්‍රථමයෙන් රට ස්ථාවර කර ණය ගෙවන ආකාරය පැහැදිලි කරණ ලෙසය. සුපුරුදු පරිදි වැරදි අර්ථකථන දෙමින් IMF එකෙන් ඩොලර් මිලියන 500 ක් වහා ලබාදෙන බවට පොරොන්දු වූ බව ජී. එල්. පීරිස් පවසා තිබුනිද එය වැරදි බව IMF එක පවසන ලදී. ජී. එල්. පීරිස්ගේ අර්ථකථන නිවැරදි නොවන බව අවස්ථා කිහිපයකදී ප්‍රත්යක්ෂවී ඇත.

දැනට රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා ප්‍රතිකර්මයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත්කර ඇති හෙයින් එතුමාට ඒ සඳහා කාළය ලබාදිය යුතුවේ. මෙසේ රට ස්ථායී කිරීම රට බෙදුම්වාදයට යෑමතුලින් ලබාදෙන්නට හදන්නේනම් එකහෙලා විරුද්ධ විය යුතුය. රණවිරුවන් 29 දාහක් දිවි පිදුවේත් 14 දාහක් ආබාධිත වුණේත් ගෝඨාභයට ඔහුගේ තනතුර රැකගැනීමට රනිල්ව පස්සදොරින් ගෙනවිත් අගමැතිකර රට බෙදීමට ඉඩදීමට නොවන බව වටහා ගත යුතුය. යම් හෙයකින් රට බෙදන වියවුලේ ගෝටා රනිල් සංයෝගය රට හෙලුව හොත් එය මැයි 9 දින ඇතිවූ ගින්න මෙන් පැය කිහිපයකින් නිවන්න හැකිවූ ගින්නක් නොව උතුරු දකුණු සුඩානයමෙන් සදා පවතින ගින්නක් වනු ඇත. එහි වගකීමක් ගැනීමට කිසිදු රාජපක්ෂවරයෙකුට පමණක් නොව 21ට අත ඔසොවන 225හේ කිසිවෙකුටවත් එදාට ඉඩක් නොලැබෙනු ඇත.

දැන් ඊළඟට 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අප හැරෙමු. පසුගිය දින අධිකරණය විසින් යෝජිත 21 වන සංශෝධනය අනුමත කිරීමටනම් එය පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත වීම හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තීන්දු කරණ ලදී. අධිකරණය එම තීන්දුව ලබාදුන් පැමිණිල්ලේ අපද එක පාර්ෂව කරුවෙකු බැවින් අපගේ ස්ථාවරය පැහැදිලිව දක්වා ඇත. විරුද්ධ අදහස් දරණ නිරායුද ස්ථානවලට පහරදෙමින් ඒවා ගිනි තබා විනාශකිරීම සහ එවන් විනාශයන් කරන්නවුන් නීතියේ රැහැනට නොගතයුතු යැයි සමහර දේශපාලන පක්ෂ වල සිට එන්ජීඕ සංවිධාන හා නීතිඥ සංගම්ද පසුවෙන වාතාවරණයක් තුල එම අදාල පෙත්සම් ගොනුකිරීමට හා ඒ වෙනුවෙන් උසාවියේ කතාකිරීමට ඉදිරිපත්වූ නීතිඥ මහතුන්ටද අපගේ ආචාරය මේ අවස්ථාවේදී පළකිරීමට කැමැත්තෙමු.

මේ වනවිට අස්ගිරි පාර්ශවයෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතයක් ප්‍රකාෂ කර ඇත. මේ අතර විද්වත් භික්ෂු සංසදයද පසුගිය දින ජාතික සංවිධන සහ පක්ෂ 10 නායකයින් හට විද්වත් භික්ෂු සංසදයේ මතය ප්‍රකාෂ කිරිමට සහ එම සංවිධාන හා පක්ෂවල අදහස් දැනගැනීමට සාකච්ඡාවක් කැඳවා තිබුනි. පක්ෂ 10 න් එම සාකච්ඡාවට සහභාගීවී තිබුනේ පක්ෂ දෙකක් පමණක් වන අතර එහිදී ගොවිඳු කුමාරතුංග 21 සංශෝධනයට සහමුලින්මද උදය ගම්මන්පිල විරුද්ධවීමේ ශක්තියක් නොමැති නිසා ආරක්ෂණ වාදීවද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාෂ කරනලද බව වාර්තාවී තිබුනි. උදය ගම්මන්පිල මහතාගේ එම ස්ථාවරය එම සාකච්ඡාවට සහභාගීවූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජික සහ ක්‍රිස්තියානි සමාජය සමග සම්බන්ධීකාරක ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාෂ කර තිබුනේ දුවව ස්ත්‍රී දූෂකයෙකුගෙන් ආරක්ෂා කරගත නොහැකි පියෙක් තුවාල සිදුනොවන ආකාරයට දූෂණයේ යෙදන්න යැයි දෙනු ලබන උපදෙසක් වැනි බවය. අධිනීතිඥ මනෝහාර ද සිල්ව මහතා ප්‍රශ්ණකර තිබුනේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැසිල් සඳහානම් 21 වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් සඳහාද යන්න වශයෙනි.

ගොවිඳුගේ සහ උදයගේ ස්ථාවරය 21 වන සංශෝධනයට සහයෝගය දීම බැවින් සමස්ථ පක්ෂ 10 ම එම ස්ථාවරයේ සිටිනු ඇත යන්න උපකල්පනය කළ හැක. ඩලස් අලහප්පෙරුමද සියල්ලන්ගේ සහයෝගය 21 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ලබාදිය යුතු යැයි ප්‍රකාෂ කර තිබුනි. මේ අතර ලැබුන සුභ ආරංචියක් වූයේ විශ්‍රාමික රියර් අද්මිරල් ආචාර්‍ය සරත් වීරසේකර මහතා ඊයේ, එනම් මැයි 30 දින, පැවැත්වුන ආණ්ඩුකාර පාර්ශව රැස්වීමේදී ජනාධිපතිට ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවගේ අනුමැතියකින් තොරව වෙනත් කෙනෙකුට පැවරීමට ජනාධිපතිට හැකිද යනුවෙන් ජනාධිපතිවරයා නිරුක්ති කරමින් ප්‍රශ්න කර සිටි බවයි. එහිදී වීරසේකර මහතා තවදුරටත් පැහැදිලි කර තිබුනේ ජනාධිපතිවරයා පත්වී ඇත්තේ රටේම මහජන මතයෙන් බවත්, අගමැති හා විපක්ෂනායක පත්වන්නේ කොට්ටාෂයක ඡන්ද ලබාගැනීමෙන් පමණක් වන බවත්, දැන් සිටින අගමැතිට එසේවත් ජනවරමක් නොමැති බවත්, පත්කර සිටින කොක්ටේල් කැබිනට් මංඩලයට හා අගමැතිට ඇත්තේ රට ගිලී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම මිස රට බෙදීයන ආකාරයේ තවත් දේශපාලන අර්බුදයක රට හෙලීම නොවන බවයි. තමාගේ ඉල්ලීම පිට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවබවත් එබැවින් එයට සහයෝගය දෙනලෙස හැඟුම්බර සහ සංවේදී වෙමින් ඉල්ලීමක් කල ජනාධිපතිට වීරසේකර මහතා පවසා තිබුනේ ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාෂණයේ සඳහන්ව තිබුනේ පරණ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් නොව රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවත් මේ වනවිට එම නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස්කර දී ඇති බැවින් එය ඉදිරිපත් කරන ලෙසටය. එසේ කර ලබන වසරේ පෙබරවාරි මාසයේදී රජය විසුරුවාහැර නව ව්‍යවස්ථාව යටතේ රජයක් පිහිටුවීමට කටයුතු කරන ලෙසයි. එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරයක් නොපවතින බව ඉහතින් සඳහන් කර තිබුනි. මේ යෝජනාව ගෝටා ගෝ හෝම් අරගලකරුවන්ගේ ඒකායන ඉල්ලීමට එකඟවේ. වීරසේකර මහතාගේ කරුණු පැහැදිලි කිරීමට ඉතා සාර්ථක ප්‍රතිචාරයක් අනෙකුත් මංත්‍රී වරුන්ගෙන් ලැබුන බවටද ආරංචි ඇත. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වන අතර එදා 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් තනිවම සහ එකම විරුද්ධවූ මංත්‍රී වරයා ලෙස ඔහු තබා ඇති කීර්තිනාමය තව දුරටත් තහවුරු කිරීමක් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More