දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (මැයි 31දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩු පාර්ශ්වය තුළින් ම ක්‍රියාත්මක වන බවයි.
එහිදී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ 21 වන සංශෝධනයට විරුද්ධව ආණ්ඩු පාර්ශ්වය තුළ කඳවුරු බඳිමින් සිටින බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,

“විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවේදී එයට විරුද්ධව ඡන්දය භාවිත කරන අය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.එසේ ඡන්දය නොදී එය කඩාකප්පල් කොට විසි එක් වැනි සංශෝධනය පරාජය කර නැවත විසිවන සංශෝධනය බලාත්මක කරමින් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වනවා.මේ ඔස්සේ විදේශ රටවල සිටින පුද්ගලයන්ට ලංකාවේ ප්‍රධාන තනතුරුවලට පත් වීමට හැකි ක්‍රමයක් සකස් කරනවා නම් එයට විරුද්ධව රටේ ජනතාවට නැඟී සිටිනා ලෙස ඉල්ලා සිටිනවා.එය කිසි විටෙකත් තර්ජනාත්මක කාරණයක් නොවෙයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට සහාය දීම මේ රටේ සියලු ජනතාවගේ වගකීමක්.” දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More