මේ වන විට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නම් කිරීමට යෝජනා වී ඇති බව වාර්තාවේ.
එම පක්ෂ 09 යේ නියෝජතයින් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙදී 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,
“අපේ අවසාන යෝජනාවලිය අපි සකස් කරලා තිබෙනවා. හෙට අපේ යෝජනාවලිය අගමැතිට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට විශ්වාසයි 21ට තුනෙන් දෙක තියෙයි කියලා.”
මේ අතර අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ,
“අපේ එකතුවේ නායකත්වයට අපි පිළිඅරගෙන තිබෙනවා.. විමල් වීරවංශ මහතාව පත්කර ගන්න. එතුමාව තමයි ඉස්සරහට දාන්නේ. ඊළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වුණත් එතුමා හොඳයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...