මෙරට ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම දුෂණයෙන් තොර පාලනයක් ක්‍රමයක් බවත් 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු කිසිදු තැනක සදහන් නොමැති බවත් එයින් සිදුවන්නේ, ජනතාවගේ කැමැත්තක් හෝ නොමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් වැඩිවීම පමණක් බවත් එබැවින් මෙවැනි සංශෝධනයකට සහයෝගය දක්වන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.
කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කරන ඒ් මහතා ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුල හෝ වෙනයම් කෙනෙකු සමග තිබෙන ආරෝවක් විසිදා ගැනීමට 21ට සහය දැක්වීමට හැකිදැයි ප්‍රශ්න කර සිටියේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.
ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම තමයි දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් ගොඩ ගනා ගැනීම කියන එක. දැන් මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝදනය තුළ කොතනද තියෙන්නේ දූෂණය පිටු දැකීම සඳහා උත්තරයක් එහෙම එකක් මේකේ නෑ.
මේ රටේ මිනිස්සු ඡන්දේ දීලා ආණ්ඩුවක් හදලා ජනාධිපතිකෙනෙක් පත්කරනවා. දැන් කොහේවත් නැති අර කොහේද ඉදලා ආපු කොහේවත් නැති ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රට විනාශ කරන්න හදපු මිනිහා තමයි දැන් ජනාධිපති කරනවා. ඒ් කියන්නේ ජනාධිපති බලතල ටික ඒ මිනිහට දෙනවා. දැන් මේ වගේ එකකට සහයෝගය දෙනව පුළුවන්ද? අඩුම තරමේ මේ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්ද? දැන් මේ 21න් හෝ 22න් කරන්නේ ඔන්න ඔය දෙයයි. දීර්ඝ පැහැදිලි කිරීමක් සමග ඔහු පැවසීය.
සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින් බලන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...