පුරවැසි කොලම

විදේශවල අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 2.5 ක් වාර්ෂිකව පිටරටට ඇදීයාම වාර්ශිකව විදේශ ශ්‍රමිකයින් එවනු ලබන මුදලට වැඩිය ඉතා වැඩියි යන මාතෘකාව පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියවෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා දැක්වූ අදහස් පහත සඳහන්වේ.

“මුලින්ම කියන්න ඕන ඔය කියන ඩොලර් බිලියන 2.5 ට විදේශවල සේවය කරන ශ්‍රමිකයින්ගෙ දරුවන් වෙනුවෙන් කරනු ලබන කිසිදු වියදමක් අදාළ නොවන බව. අනිවාර්යයෙන්ම ඔය මුදල වැයවන්නේ ශ්‍රී ලංකාවේ රැකියාව හෝ වෙනයම් ආදායම් මාර්ගයකින් රුපියල් උපයා ඒ රුපියල් වලින් අවශ්‍ය විදේශ විනිමය සොයාගන්නා අයගේ වියදම පමණයි. එය ඉතාම සාධාරණව කරනු ලබන වියදමක්. රට තුල අවශ්‍ය අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොමැතිනම් රටින් පිටව ගොස් හෝ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ළමයෙකුට තිබිය යුතුයි. ඒ සඳහා රජය අවශ්‍ය විදේශ විනිමය ඒ අනුපාත මිලට ඒ ළමුන් සඳහා ලබාදීමට බැඳී ඉන්නව. ප්‍රශ්නය තියෙන්නෙ මෙවන් ඩොලර් නැති කාලෙක රජයක් ලෙස මේ සඳහා මුහුණ දෙන්නෙ කෙසේද යන උභතෝ කෝටිකයයි.

එදා 1945 ඔක්තෝම්බර් මස සම්මත කරගන්නට යෙදුනු නිදහස් අධ‍ය්‍යාපන ක්‍රමය දිගටම පවත්වා ගැනීම සඳහා පිරිවැය සෙවීමේ ස්ථිර ක්‍රමවේදයක් යෝජනා නොවුන අතර දෙවැනි ලෝක යුධයේ අවසානයත් සමගම ඇතිවුන ආර්ථික ප්‍රථිලාභ වලින් බරවුන භන්ඩාගාරයේ අරමුදල් මේ සඳහා වැයකිරීමට යෝජනා සම්මත වුනා. කන්නන්ගර මහත්මයත් එදා කිව්වෙ “ආර්ථික වශෙයෙන් මෙවැනි සරු කාලයක් සැමදා නොපවතින අතර ආර්ථික වශෙන් අමාරු කාල වලදී සුදුසු ක්‍රියාමාර්ග සොයාගැනීමේ උපාය කුශලතාව මනුෂ්‍යත්වයෙන් බැහැර නොවේ” කියලයි. කන්නන්ගරයානන් එසේ එදා දකින ලද අමාරු කාලය දැන් පැමින තියෙනව. අපි ඒ කන්නන්ගරයන් එදා දකින ලද ඉදිරිය ගැන හිතල අද මේ තියෙන ඩොලර් අර්බුදයත් හමුවේ දැනට වාර්ශිකව විදේශ අධ්‍යාපනය සඳහා රටෙන් පිට යන ඩොලර් බිලියන 2.5 ප්‍රමාණය රටෙහි රඳවා ගන්නනම් සහ තවත් වැඩියෙන් ඩොලර් හොයන්නනම් දැනට මේ රටේ තියෙන අධ්‍යාපන ආර්ථික මොඩලය වෘධීකරණයකට භාජනය කළ යුතුයි. ඒ පිළිබඳව 2010 තරම් ඈත කාලයකදී අප යෝජනා කිහිපයක් ගෙන ආව. ඒ යෝජනා එදා ක්‍රියාත්මක උනානම් අද අපිටත් බංගලිදේශයේ වගේ ඩොලර් බිලියන සංචිතයක් ගොඩ නගාගන්න හැකිවෙන්න ඉඩ තිබුන. එක අතකින් එදා එය නොකරපු එකත් හොඳයි. හේතුව දැන් තමයි රටට දැනිල තියෙන්නෙ එක්කො තියෙන දෙයක් විකුණල එහෙමත් නැතිනම් විදේශෙකින් ණයක් අරන් රටක් හැමදාම දුවන්න බෑ කියල. රටේ තියෙන ඩොලර් පුච්චල දේශපාලකයින්‍ටත් වසර පහෙන් පහට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වීමත් කරන්න දෙන්න බැහැ කියල පෙනෙන්නෙ දැන් තමයි. හරිනම් කාටවත් ඩියුටි ෆ්‍රී වාහන බලපත් දීමට අවශ්‍ය නෑ. අනෙකුත් රටවල වගේ සාධාරණ ඩියුටියක් වාහන වලට අය කරානම් මේ අශිෂ්ඨ ක්‍රියාව කිරීමට අවශ්‍ය නෑ.

අධ්‍යාපන ක්‍රමය ගැන සඳහන් කරන්න ගිහින් වෙනත් මාතෘකාවකටයි මාරු උනේ. නැවතත් අපේ මාතෘකාව විදේශ විනිමය අධ්‍යාපනය සඳහා වැයකිරීම අඩුකරන්නේ කෙසේද යන්නට ආවොත් මට කියන්න තියෙන්නෙ විදේශවල අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 2.5 ක් වාර්ශිකව පිටරටට ඇදීයාම වැළක්වීමට හොඳම විසඳුම රජයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතව පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම. හොඳට මතක තියාගන්න. මේ කියන්නෙ තියෙන විශ්ව විද්‍යාල වලට ගාස්තු අයකරන්න කියල නොවෙයි. නිදහස් කියන අධ්‍යාපනයට අත තියන්න නොවෙයි. නිදහස් කියන අධ්‍යාපනය කියල කිව්වෙ අපි කවුරුත් දන්නවනෙ ඉස්කෝලෙ ගුරුතුමත් වැඩියෙන් හොඳට උගන්වන්නෙ ටියුෂන් පන්තියෙදි කියල. එහෙම තියෙන නිදහස් අධ්‍යාපනයත් වෙනස්කරන්න කියනව නොවෙයි. පවතින විශ්ව විද්‍යාල වලට සමාන්තර අධික්ෂණයකට ලක්වෙන ඇෆිලියේටඩ් යුනිවර්සිටි වර්ගයක් පිළිබඳවයි මේ කතාකරන්නෙ. එවිට ඔක්ස්ෆර්ඩ් එකටවත්, කේම්බ්‍රිජ් එකටවත්, මනිපාල් එකටවත්, බංගලි එකටවත්, මෙල්බර්න් එකටවත් එහෙමත් නැතිනම් වෙනත් පිටරට විශ්ව විද්‍යාල එකකටවත් ඩොලර් යවන්න අවශ්‍ය නෑ. එහෙම කැමති නැතිනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කෙලින්ම අධීක්ෂණය කළ හැකියි. වෛද්‍ය සභාව ඉංජිනේරු සභාව වරලත් ගණකාධිකාරිවරුන්ගේ සභාව ආදී සභා වලින් ඒ ඒ මණ්ඩප යොදාගත් ක්‍රමවේදයට අධීක්ෂණය කළ හැකියි. පිටරට ඉන්න ශ්‍රී ලාංකික හා විදේශ අයටත් එහි ඉඩ ප්‍රස්ථාව දිය යුතුයි. එවිට රටේ ඉන්න ශ්‍රී ලාංකික දරුවන්‍ට රුපියල් වලිනුත් පිටරට අයට ඩොලර් වලිනුත් ගෙවීම කළ හැකියි. එසේම යම් කිසි හෙයකින් එම විදේශගත දෙමව්පියන්ට ඒ වසර කිහිපයතුල රැකියාව අහිමිවී යළි රටට එන්න උනොත් ඉතිරි මුදල් රුපියල් වලින් ගෙවීමට ඉඩ හැරිය යුතුයි.

හැකිනම් ඔය ක්‍රමවේදයට කැම්පස්වල අය කැමතිකර ගන්න. ආණ්ඩුව වගේම ව්‍යවසායකයොත් ඉන්නව ආයෝජනය කරන්න. එවිට රටෙන් පිට ඩොලර් යෑම විශාල වශයෙන් අඩුවේවි. ඒ වගේම අමතරව විශාල ඩොලර් ප්‍රමාණයක් හොයාගන්න හැකිවේවි. බංගලිදේශෙ ඩොලර් බිලියන 42 කේ සංචිත හොයන්න ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඉතා හොඳ දායකත්වයක් දීල තියෙනව. ඔය ක්‍රමය හේතුවෙන් නිදහස් අධ්‍යාපනයට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. ලංකාවෙ විශ්ව විද්‍යල වලටත් විදේශවල වඩා පුළුල් පිළිගැනීමක් ඇතිවෙනව.

නමුත් තව එකක් තියෙනව සඳහන් කරන්න. දැනටත් ලංකාවෙ තමයි විදේශ ශ්‍රමිකයින්ගෙ ළමයින්ට වැඩියෙන්ම අයකරන්නෙ. බංගලිදේශෙට වැඩිය එම මුදල වාර්ශිකව ඩොලර් 20,000ක්. ඔය ගනන සමාන මට්ටමකට ගෙන ආයුතුයි. දිගුකාලීනව ආයෝජනයට හොඳම තැන පෝර්ට් සිටියයි. අක්කර 10 ක් වෙන්කරානම් යුනිවර්සිටි සිටි කියල හොඳටම ඇති. අවශ්‍යනම් එන්න ඩුබායි වල කොහොමද අධ්‍යාපන ගම්මාන, විශ්ව විද්‍යාල නගර හදල තියෙන්නෙ කියල. අපේ විශ්ව විද්‍යාල වලට පිටරටවල විශ්ව විද්‍යාල වලට තරඟයක් දිය හැකිනම් අනිවාර්යයෙන්ම අපේ විශ්ව විද්‍යාල පවතීව්. මේ අවස්ථාවේ මට මහාචාර්‍ය ගුණපාල නානායක්කාර මහතා අමතක කළ නොහැකියි. එතුමා තමයි ලංකාවේ විශ්ව විද්‍යාලයක් පළමුවෙන්ම ලංකාවෙන් පිට ස්ථාඵනය කරේ. ලංකාවේ ආර්ථික ඝාතකයින්ගෙ සහ වෙනත් යම් යම් කරුණු නිසා එතුමාට එම කටයුත්ත සියයට සියයක්ම සාර්ථක කරගැනීමට නොහැකි උනා. නමුත් එදා එතුමා විශාල විදේශ විණිමයක් ලංකාවට සොයාදෙනු ලැබුව. එවන් විශිෂ්ඨ පුද්ගලයින් තවත් බිහිවිය යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More