පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් සහාය නොදෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති වීරසේකර මහතා ඒ ආකාරයටම විසිඑක්වැනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බවද අවධාරණය කර ඇත.
“රටේම ජනයාගේ ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.” ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉදිරියේ පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...