දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ලුතිනන් කර්නල් අනිල් අමරසේකර, එක්සත් ලංකා මහ සභා පක්ෂයේ ලේකම් ජයන්ත කුලතුංග යන මහත්වරුන් ඇතුලු පස් දෙනකු විසින් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ගොනුකර තිබූ පෙත්සම අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභායට ගැනුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට කැඳවා තිබුණි.

එහිදී දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහ ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කණිෂ්ක විතාරණ මහතා පවසා සිටියේ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වන බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ කණිෂ්ක විතාරණ මහතා මෙම යෝජිත පනත් කෙටුම්පතෙහි 4 වන ඡේදය අනුව විධායක ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වීමට ඇති අයිතිය අහිමි කර ඇති බව අනාවරණය කළේය.

එහිදී විතාරණ මහතා මෙම පනත් කෙටුම්පතෙහි 7 වැනි ඡේදය අනුව අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා කටයුතු කිරිමට ප්‍රතිපාදන සැලසීමෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් මේ හේතුවෙන් බලය බෙදීමේ න්‍යාය උල්ලංඝනය වන අතර මෙය සම්මත කළහොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්ථනය වන බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More