රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු කොම්පඤ්ඤ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් රැට්ටා නැමැත්තා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා මතයි.
ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගාළු මුවදොර විරෝධයේ නිරත තවත් පිරිසක් සමඟ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද පෙරවරුවේ දැනුම් දී තිබිණි.
කොම්පඤ්ඤ වීදිය පොලිසියෙදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව රැට්ටා නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වුවද ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව අප උසාවි වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...