දේශීය පුවත්

21 වැනි ව්‍යයවස්ථා සංශෝධනය පරාජය කිරීමට තම පක්ෂ හවුලට ශක්තිය නැති නිසා එම ක්‍රියාවලිය ඇතුලට ගොස් ඊට සහය දෙන අතර විනාශය අඩු කරගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් නව දේශපාලන න්‍යායක් ඉදිරිපත් කරන බව වාර්තා වේ. ඒ මහතා එම න්‍යාය එලි දක්වා ඇත්තේ ජනාධිපති නීතිඥ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විසින් 21 වැනි සංශෝධනයේ සඳහන් ප්‍රතිපාදන වලට විරුද්ධව අදහස් දැක්වූ රැස්වීමකදී බව වාර්තා වේ.ඒ පිළිබඳව අදහස් දැක්වූ එම රැස්වීමට සහභාගි වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ තම සංවිධානය එම න්‍යායට එකඟ නැති බවයි.එම න්‍යාය ඔහු විසින් සමාන කරනු ලබන්නේ බලවත් අපරාධකරුවෙකු විසින් දියණිය දූෂණය කිරීමට සැරසෙන විට දැරියගේ පියා ” අනේ දුවේ මූව යටත් කරන්න මට දැන් හයියක් නැහැ. ඒ නිසා තුවාල කරගන්නේ නැතිව යටත් වෙයන්.” වැනි ප්‍රකාශයක් මගින් දූෂකයාට මුහුණ දීමට උත්සහා කිරීම වැනි ක්‍රියාවක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More