21 වැනි ව්‍යයවස්ථා සංශෝධනයට අදාළ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විසින් පැවැත්වූ සාකච්ඡාවකට පසුව ඊට සහභාගි වූ ගෙවිඳු කුමාරතුංග මහතා දැඩි ස්ථාවරයක සිටිමින් 21 වැනි ව්‍යයවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් ප්‍රකාශ කළ බව වාර්තාවේ.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා කවුරු විරුද්ධ වුවත් මම ඊට පක්ෂව ඡන්දය දෙනවා යනුවෙන් දැඩි ස්ථාවරයක් ප්‍රකාශයට පත් කළ බවද වාර්තා වේ. ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ඊට සහභාගි වූ නීතිඥ මහතෙකු සඳහන් කළේ 21 වන ව්‍යයවස්ථා සංශෝධනයේ නිෂ්චිතවම කුමක් අඩංගුවේදැයි බරපතල සැකයක් පවතින අවස්ථාවක කොන්දේසි විරහිතව ඊට ඡන්දය දෙන බවට මන්ත්‍රීවරයෙකු විසින් ප්‍රකාශයක් කිරීම මගින් පවතින තත්වයේ භයානකකම පැහැදිලි වන බවයි. මන්ත්‍රීවරුන් මිලදී ඉතා බරපතල ලෙස සිදු විය හැකි තත්වයක් යටතේ ඕනෑම දෙයක් සිදු විය හැකි බවට ඔහු තම කණගාටුව ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...