බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ ඉහළ පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ අරගලකරුවන්ගේ සහ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු මත පදනම්ව එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට දැන්ටමත් පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මේ වන විට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා මාධ්‍යය වෙත පවසා සිටියේය.
මේ අතර බුද්ධි අංශ තොරතුරු වාර්තා වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින බව කියවේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට උපරිම ආරක්ෂාව ලබා දීම කාලෝචිතයැයි පොලිසියේ අදහස වී තිබේ.
බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව විවිධ වෘත්තීය සමිති ,ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම තවත් විවිධ පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...