දේශීය පුවත්

මානව හිමිකම් කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග වලට අනුව පසුගිය 9 වන දා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැති මයිනාගෝගමේ සහ ගාලු මුව‍ෙදාර ගෝඨාගෝගමේ සාමකාමී විරෝධතාවක යෙදී සිටි පිරිසට එල්ල කළ ප්‍රහාරය සහ ඉන්පසුව සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු හිටපු ඇමැතිවරුන්ගෙන් ලබන බදාදා දිනයේදි මානව හිමිකම් කොමිසම ප්‍රකාශ ලබා ගැනීමක් සිදුකරන බවද කියවේ.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇති අතර ලබන බ්‍රහස්පතින්දා ඔහුගෙන් එම කොමිසම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකගෙන් මෙසේ ප්‍රකාශ ලබා ගැනීම සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.

හිටපු අගමැතිවරයාගෙන් සහ හිටපු ඇමතිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මීට පෙර ප්‍රකාශ ලබා ගෙන තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More