දේශීය පුවත්

පසුගිය මැයි මස 9 වැනිදා ගාලු මුවදොර පිටියේ පිහිටා තිබූ ගෝඨාගෝගමට පහර දීමෙන් පසුව  රට පුරා පැතිරී ගිය ප්‍රචන්ඩ ක්‍රියා වලදී වීර කැටිය, මැද මුලන ඇතුලු ප්‍රදේශ වල ඇතිවු ගිනි තැබීම් වලට සම්බන්ධ බවට සැක කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් පල්ලියගුරු මේ වන විට පොලිසියට භාර වී ඇතැයි වාර්තා වේ. මොහු ඇතුලු තවත් පුද්ගලයන් 10 දෙනෙක්  වලස්මුල්ල උසාවිය වෙත  ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බවද වාර්තාවේ. මේ අතර සමහර අන්තර්ජාලා පුවත් අඩවි පවසා සිටියේ වීරකැටිය ප්‍රදේශ ආශ්‍රිතව වල ඇති වූ සිද්ධින්ට  ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත භික්ෂු සංගමයේ ලේකම් වකුමුල්ලේ උදිත හිමිද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මාධ්‍යය ඉදිරියේ කුමන ප්‍රකාශ නිකුත් කළද ලංකාව පුරා සිටින ජවිපෙ ප්‍රාදේශීය නායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැයි 09 වෙනිදා රට පුරා පැතිරුණු ප්‍රචන්ඩ ක්‍රියා වලට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට පත්වි හෝ භාරවී ඇති බව පොලිස් වාර්තා පවසන බවයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රචන්ඩ ක්‍රියා පිටුපස සංවිධානාත්මකව කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි මැයි මස 09 වන දින ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අපරාධ විද්‍යාව  සම්බන්ධ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More