සිවුරක ප්‍රයෝජන දැනගන්නවා සේම සිවුරක් ජම්පරයකට හරවන ආකාරයත් දැනගෙන සිටිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මාතර මහා මන්දින්ද පිරිවෙන් විහාරස්ථානයට වසර 125 ක් සපිරීම නිමෙත්තෙන් පැවති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මේ කාලයේ සිවුරක ප්‍රයෝජන ගන්න හැටි දැනන් ඉන්න ඕන වගේම සිවුර ජම්පරයකට හරවන ක්‍රමයත් ඉගන ගත්තොත් ඒකත් වැදගත් වෙනවා කියලයි මම නම් විශ්වාස කරන්නේ. මේ යන විදියට භික්ෂූන් වහන්සේලා 40 කට 50 කට ආසන්න කාලයක් හිරගෙදර ඇතුලට දාලා තියන අවස්ථාවක තමයි අපි මෙහෙම කතා කරන්නේ. මේ තත්ත්වය තුළ රටේ බෞද්ධයින් අශයෙන් අපිට විශාල වගකීමක් තියනවා. අපේ ජාතියත් ක්‍රමානුකූලව නැතිවෙලා යන තත්ත්වයට පත් වෙලා තියනවා. ජීවත් වීමේ අසීරු කම වගේම ජනගහනය අඩුකීරිමට රජයක් විසින් ගෙනියන කූට වැඩ පිළිවෙළ මේවට හේතු වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ,” යැයි ද හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...