අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ(29) අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍යය වරකාගොඩ ඥානරතන හිමි ඇතුලු සංඝ රත්නය බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අවධාරණය කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීම, රටට අහිතකර බවයි.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අදහස් දක්වමින් “විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීම සම්බන්ධව අපේ පෞද්ගලික අදහස, ඒක කොහොමත්ම සුදුසු නැහැ කියන එක. සන්නද්ධ සේවා නායකත්වය තියෙන්න ඕන. 13 වන සංශෝධනයේ තියෙන බැරෑරුම්කම අපි කාටත් දැනෙනවා. ඒ නිසා ඒකට සන්නද්ධ සේවා නායකයා ලෙස ජනාධිපතිතුමාගේ බලයේ සුරක්ෂිත කරන්නට ඕනෑ කරනවා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිවරයාගේ සියලුම බලතල අහෝසිවන තාලේ, නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් වීමේ හානිදායක බවක් තිබෙනවා. කොමිෂන් සභා, පූර්ණ කොමිෂන් සභා බවටම පත්වෙනවා නම් හොඳයි. අනිත් පැත්තෙන් තියෙනවා, දැනට තිබෙන දරුණු ආර්ථිකමය බිඳවැටීම කියන දේටත් සෑහෙන පිළිතුරු සොයාගෙන ක්‍රමවේදයක් සකස් කරමින් ගිහිල්ලා ඉවරවෙලා මේක ගේනවා මිසක්, මේකටම ප්‍රමුඛත්වයට දාලා ඉවරවෙලා ආර්ථිකය විසඳාගන්න ගියෝතින්, තවත් ආර්ථිකමය බිඳවැටීමක් රටේ සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා.”
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අදහස් දක්වමින් “මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් සම්මත කරගන්න එකඟතාවයක් තියෙනවාද ? පුවත්පත්වල දකින්න තිබෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුම මේකට එකඟ නැහැ කියලා. දැන් අර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය ඉවත් කිරීමට ඇතැම් අය කැමති නැහැ කියලා පුවත්පත් වාර්තා කරනවා.”
එහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, ” එහෙම එක එක්කෙනා තර්ජනය කරනවා. බය ගන්නවන්න හදනවා. මත හදනවා. එහෙම වුණා කියලා අපි මේක අතහැරලා දැම්මොත් අපිට මොකුත්ම නැහැ. අපි දන්නවා මෙතැන විදේශිය පුරවැසිභාවය ඇත්තටම දාන්න හේතු වුණේ එක පුද්ගලයෙක් වුණාට, මේක ප්‍රතිපත්තියක් විදිහට ගේනවා. ඒ පුද්ගලයා නිසා තමයි අපේ රටේ ආර්ථිකය විනාශවුණේ. ඔහු ඇවිත් මුදල් ඇමතිකම ගත්තා. බොරු අයවැයක් ඉදිරිපත් කළා. රෑ 12ට හොර ගිවිසුම් අත්සන් කළා. ප්‍රධාන වශයෙන්ම ඒ වගේ දූෂිත පුද්ගලයෙක් තියාගෙන පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ. මොකද ලෝකයම පිළිගන්නවා. මේ පුදගලය ලෝකයේම ඉන්න දූෂිතයෙක් කියලා එයා. එක පැත්තකින් සතුටු වෙනවා ජනාධිපතිවරයාගේ සහෝදරයා වුණාත් එතුමා ඒ පුද්ගලයාව අයින් කරලා දුන්නා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...