දේශීය පුවත්

ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍යය වෙත අදහස් දක්වමින්, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි පැවසූහ. එහිදි උන්වහන්සේ වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කළේ සංශෝධනයට අනුමැතිය ලබා නොදී කිසිම මන්ත්‍රීවරයෙකුට ගමට යෑමට හැකිවෙතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බවයි.
දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමට නම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති එකම විසඳුම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ. කෙසේ වුවද 13 වන ව්‍යයවස්ථා සංශෝධනය එලෙසම තිබියදී විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීමට රට දෙකඩ කරවීම සඳහා වන අත්‍යයවශ්‍යය පූර්ව කොන්දේසියක්ය යන්න සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකර සිටීමට ඕමල්පේ සෝභිත හිමියෝ දිගින් දිගටම කටයුතු කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා විශාරදයෙකු වන නම සඳහන් කිරීමට අකමැති වූ ජේෂ්ඨ නීතිඥ මහතෙකු පවසා සිටියේ, ” ඕමල්පේ හිමි දැනුවත්ව හෝ නොදැනුවත්ව රට කැබැලි කිරීමේ ව්‍යාපෘතියේ නියෝජිතයෙකු බවට පත්ව තිබෙනවා. 13 බලාත්මක කර 21 ගෙන ඒමට කැස කවන පිරිස් අතරින් විජයදස රාජපක්ෂලා එක පෙරමුණකත්, සජිත් ප්‍රේමදාසලා තව පෙරමුණකත් ක්‍රියාත්මකයි. විජයදාසලා සහ සජිත් ප්‍රේමදාසලා එක මිටට තබා අධිකරණයේදී පරාජය කිරීමට ජාතික සංවිධානවල පිරිස් කටයුතු කළා. නමුත් ඕමල්පේ හිමි ඇතුලු පිරිස බෙදුම්වාදයේ “සිංහල බෞද්ධ” පෙරමුණ ලෙස කටයුතු කරණ බව පෙනෙන්නට තිබෙනවා.උන්වහන්සේලා මැයි 09 වෙනිදා කූටප්‍රාප්තියට පැමිණි ජවිපෙ- සජබ- එජාප හවුල විසින් සමාජයේ ප්‍රගතිශීලී බලවේග ඉලක්ක කොට මෙහෙයවීමට ගොඩ නැගූ නමුත් ජොන්ස්ටන්ලාගේ ප්‍රචන්ඩත්වයට එරෙහිව ප්‍රති ප්‍රචන්ඩත්වය මෙහෙයවූ පිරිස් යොදා ගෙන ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා. මේ පිරිස් මැයි 09 වෙනිදාට පෙර සිටම බෙදුම්වාදයට එරෙහි බෞද්ධ හිමිවරුන් ඉලක්ක කොට ප්‍රචන්ඩත්වය මුදා හැර බිය වැද්දීමට ලක් කළා. ඕමල්පේ හිමි 21 බලාත්මක කරන මුවාවෙන් 13 බලාත්මක නොකර ගමට යාමට සූදානම් නොවන ලෙස තර්ජනය කරන්නේ මැයි 9 වෙනිදා කූටප්‍රාප්තියට පැමිනි දුෂ්ඨ බලවේගය යොදාගෙන දැයි මා තුල සැකයක් මතු වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More