එක්සත් ජනපදයේ පැවති ව්‍යාපාරික හමුවකදී ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා පවසා සිටියේ ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවයි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ , රුසියානු – යුක්‍රේන ගැටුම හේතුවෙන් ආහාර, බලශක්ති සහ පොහොර මිල ඉහළ යාමත් සමග මෙම ආර්ථික අවපාතය ඇති විය හැකි බවත් චීනයෙන් ඇරඹුණු කොරෝනා වසංගත තත්ත්වය ද ඊට බලපෑම් එල්ල කළ හැකි බවයි.
“ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය දෙස බලන විට… අවපාතයක් වළක්වා ගන්නේ කෙසේදැයි බැලීම දැන් අපහසු ය,” ඔහු නිශ්චිත පුරෝකථනයක් ලබා නොදී පැවසීය.
එලෙසම බලශක්ති මිල ගණන් දෙගුණ කිරීම පිළිබඳ අදහස ම ආර්ථික අවපාතයක් ඇති කිරීමට ප්‍රමාණවත් වන බව සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය ඇති ජර්මනියේ ආර්ථිකය දැනටමත් ඉහළ බලශක්ති මිල ගණන් හේතුවෙන් සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි.
යුරෝපය, චීනය සහ එක්සත් ජනපදය මන්දගාමී ආර්ථික වර්ධනයක් පෙන්වමින් සිටින අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් උද්ධමනය හේතුවෙන් ඊටත් වඩා දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර ලෝක බැංකුව නිකුත් කළ 2022 වර්ෂය සඳහ වන වන ගෝලීය වර්ධන පුරෝකථනය පසුගිය මාසයේ 4.1% සිට 3.2% දක්වා අඩු කරමින් පවසා සිටියේ, රුසියානු – යුක්‍රේන ගැටුමේ බලපෑම හේතුවෙන් මෙසේ සිදුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...