බණ්ඩාරගම – අටුළුගම ප්‍රදේශයෙන් ඊයේ උදෑසන සිට අතුරුදන් වූ බව කියන නව හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ සිරුර ඇයගේ නිවසට ආසන්න වගුරු බිමක තිබී සොයා ගත් බව බණ්ඩාරාගම පොලීසිය පවසයි.
ඇයගේ දේහය ප්‍රදේශවාසීන් විසින් අද (මැයි 28) සවස ගොඩගනු ලැබූ බවද පොලිස වාර්තා පවසයි.
ෆාතිමා අයීෂා ඊයේ පෙරවරු 10.00 සිට අතුරුදන්ව සිටි අතර ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීමට අසල වෙළෙඳසැලකට ගිය දැරිය ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. සීසීටීවී කැමරාවකින් ලබාගත් දර්ශනවල දැක්වෙන්නේ දැරිය ආහාර මිලට ගෙන වෙළඳසැලෙන් පිටව යන ආකාරයයි.
මේ වන විට දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය, පානදුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ අතර අතුරුදන් වූ දැරිය සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබුණි.
දැරිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇයගේ පියා දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට මුහුණ පා සිටින බව මීට පෙර වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...