විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කොළඹදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවයි.
එහිදී අඩු ආදායම්ලාභීන් සහ අඩුවෙන් විදුලිය භාවිතා කරනන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුලත් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වනු ඇතැයිද අමාත්‍යයවරයා පවසා සිටියේය. ඇතැම් කර්මාන්ත ශාලාවලට මෙන්ම හෝටල්වලට ඉක්මනින්ම විදුලි ගාස්තු වැඩි කල යුතු බව පවසන අමාත්‍යයවරයා විදුලි බිල තුන්හතර ගුණයකින් ඉහල යාමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.
මේ වන විට විදුලි බල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 750 ක් වියදම් වුවත් වසරකට ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 250ක් බවත් අමාත්‍යයවරයා අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...