ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුලු ජාතික සංවිධාන නායකයින් විසින් අවධාරණය කළ පරිදි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී කූඨ ලෙස බෙදුම්වාදීන්ට උවමනා සංශෝධන ඇතුල් කිරීමට ඉඩ නොදෙන බවට උදය ගම්මන්පිල මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී. ඒ අනුව අදහස් දැක්වූ ගුණදාස අමරසේකර මහතා, උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය අගය කරමින් සඳහන් කළේ කාරක සභා අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයලා විසින් සිදු කළ හැකි බලහත්කාරය මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට නැවැත්විය නොහැකි බවයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා අවධාරණය කළේ පක්ෂ 11 සන්ධානයේ නායකයින් සියලු දෙනා, අගමැති, කතානායක, විපක්ෂ නායක සහ සෙසු පක්ෂ නායකයින් විසින් කෙටුම්පතේ නොමැති නව සංශෝධන කිසිවක් කාරක සභා අවස්ථාවේදී ඇතුල් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බවයි. එසේ ප්‍රතිඥාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන් 21 ට ඡන්දය ලබා නොදෙන බව ප්‍රකාශ කළ යුතු බවද ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...