මහ බැංකුවේ මුල්‍යය මණ්ඩලය විසින් සිදු කළ සාපරාධී වරදක් නිසා රටේ ඩොලර් අර්බූදය ඇතිවූ බවට වැරදි මතයක් ගොඩ නැගීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ගනු ලැබූ උත්සහාය පිළිබඳව ලංකා ලීඩ් පුවත් අඩවිය විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්.
” හර්ෂ ද සිල්වා ඉතාම පහත් ආකාරයට සත්‍යය වසන් කිරීම සඳහා මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයෙකු නම් කර පහර දුන්නා. නමුත් සත්‍යය එය නොවෙයි. ජාතික සංවිධාන මීට පෙර එම සත්‍යය එළිදරව් කළා. පසුගිය මාර්තු 3 වෙනිදා මුල්‍යය මණ්ඩලය තීරණයක් ගනු ලබනවා රුපියලේ අගය පා කිරීම නොකළ යුතු බවට සහ ඒ අනුව රුපියල දළ වශයෙන් රුපියල් 10 කින් අව ප්‍රමාණය කිරීම සහ ක්‍රමයෙන් අවශ්‍යයතාවය අනුව තවදුරටත් පාලනය යටතේ අව ප්‍රමානය කිරීමට සහ ක්‍රමයෙන් අවශ්‍යයතාවය අනුව තව දුරටත් පාලනය යටතේ අවප්‍රමානය කිරීමට. එහෙත් මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ඉන්දියාවේ ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ බලපෑම මත අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට බලපෑම් කළා වහාම රුපියල පා කළ යුතු බවට. ඒ අනුව 7 වැනිදා සාමාජික සමන්ත කුමාරසිංහ මහතා සහභාගි නොවූ රැස්වීමකදී ඒ වැඩේ කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...