දේශීය පුවත්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජුනි මස 6 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සර්ව පාක්ෂික රැස්වීමේදී ඒකමතික තීරණයක් ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නායක රැස්වීමක් ඊයේ (මැයි 27) කැඳවා තිබිණි.

එම සාකච්ඡාවේදී සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණු බවද වාර්තාවේ.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඊයේ (27) පැවැති රැස්වීමට දෙමළ ජාතික සන්ධානයට සහභාගී වීමට නොහැකි වූ බැවින් අවසන් රැස්වීම ලබන සිකුරාදා (ජුනි 03) පැවැත්වීමට නියමිත බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති වීම පිළිබඳව තමා සතුටට පත්වන බවද ඔහු කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා වන සිය යෝජනා අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව රැස්වීමට සහභාගී නොවූ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More