දේශීය පුවත්

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුලත් කර තිබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල අර්ථ දක්වන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 154 එෆ්(2) සහ එෆ්(3) යන වගන්ති ඉවත් කරන ලෙසට වන ප්‍රතිපාදන ඇතුලත් කර ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර,ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිවරයෙකු වන විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් සජබය විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කරනු ලැබූ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කරනු ලැබ තිබූ පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී එම පාර්ශවයේ නීතිඥවරුන් විසින් මේ බව අධිකරණය හමුවේ අනාවරණය කළෝය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා සහ නීතිඥ කණිෂ්ක විතාරණ යන මහත්වරුන් විසින් මේ බව අධිකරණය හමුවේ අනාවරණය කළ බව අප උසාවි වාර්තාකරුවෝ පැවසූහ. ඒ අනුව යම්කිසි අයුරකින් ජාතික සංවිධාන වල නියෝජිතයන් සජබය ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළේ නම් ශ්‍රී ලංකාව දෙකඩ කරවන පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක කළ හැකි ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත වීමට ඉඩ තිබූ බව ව්‍යවස්ථා විශාරදයෝ මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසූහ.



One thought on “සමගි ජන බලවේගය රට ෆෙඩරල් කිරීමේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක- ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වෙයි”

  1. සජබය විසින් ක්‍රියාත්මක කරනුයේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී ප්‍රතිපත්ති බව නොරහසකි. කෙසේ හෝ බලයට පැමිණීම එකම අරමුණ කරගත් සජිත් ප්‍රමුඛ නඩය විසින් බොර දියේ මාලු බෑමට ගන්නා උත්සාහය හෙලා දකිමු. ආර්ථිකය නිසි කළමනාකරණ ක්‍රමවේද තුලින් සහ දේශපාලකයන් සහ ජනතාවගේ ආකල්පමය වෙනසකින් නැවත නිසි මගට ගත හැකි මුත් රටේ ඒකීයත්වය නැතිවී ගියහොත් කිසි දෙනෙක එය යතාවත් කරනු නොහැකි බව අරගලකරුවන් ඇතුළු සියලු දෙනා වටහා ගත යුතුය. ජනප්‍රිය සටන් පාට මගින් ජන මතය වෙනතක හරවා රට බෙදුම්වාදයේ ගොදුරක් කර ගැනීමට අටවන මෙවැනි උගුල් පිළිබඳව ජනතාව සංවේදී විය යුතුය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More