මැයි 24 වන දින පැවති QUAD සමුළුවට සමගාමීව ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. .
ඔවුන් අතර පැවැති සාකච්ඡාවේදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
මෙයට අමතරව, ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජන ද සිදු කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.
එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවද තහවුරු කර ඇත.
ඉන්දියාව සහ ජපානය ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...