දේශීය පුවත්

පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදය විසඳිය යුතුයැයි පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හෝ ජනාධිපති වීමට හැකියාව නොමැති නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් ඉදිරිපත් නොකළ යුතු බවයි.

පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම 21වැනි සංශෝධනයට සහය දැක්වීමට පෙර යෝජිත ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කර විශ්ලේෂණය කළ යුතු බව සාගර කාරියවසම් මහතා පවසා සිටියේය.

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නව රජයක් පිහිටුවීම සඳහා පොහොට්ටුවේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දුන් බව සිහිපත් කළ ඒ මහතා ආර්ථික අර්බුදය තවමත් විසඳි නැති බවද අවධාරණය කළේය.

“පළමුව ආර්ථික අර්බුදය විසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ සිතීමට මානසික නිදහස ඇති පරිසරයක් නිර්මාණය කරන්න. එවිට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කළ හැකියි.” යනුවෙන් පැවසුවේය.

මාධ්‍යයවේදියෙකු විසින්, 21වැනි සංශෝධනයට පොහොට්ටුවේ සහය තීරණය වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම හෝ රජයේ නිලතල දැරීම වළක්වන ප්‍රතිපාදන මතද යනුවෙන් නැගූ පැනයට පිළිතුරු දෙමින් ” රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කර නිර්මාණය නොකළ යුතුයි.ලෝකයේ කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ කෙනෙක් පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න, එළවන්න, එහෙම නැත්නම් කෙනෙක් ජනාධිපති වෙන එක වළක්වන්න නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ රටේ අවශ්‍යතා අනුවයි.අපි කියන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසානයේ සහාය නොදක්වන බව නොවේ. අපට පළමුව අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීමට සංශෝධන ගෙනැවිත් සාකච්ඡා කළ හැකි සුදුසු පරිසරයක්” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More