දේශීය පුවත්

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිවරයෙකු වන විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද(26) සලකා බැලිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

මෙහිදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුලු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ මනෝහාර ද සිල්වා මහතා පවසා සිටියේ යම් හෙයකින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඒ මන්ත්‍රීවරයා අගමැති වුවහොත් ඔහු හෝ ඇය හරහා ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු නොවන බවයි.

ඒ අනුව යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය හරහා එවැනි ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු නොකරණ පුද්ගලයෙකු වෙත ජනාධිපතිවරයා සතු බලතල පවරා දීම අනතුරුදායක මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවේ 03 සහ 04 වගන්ති වලට පටහැනි බව ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළේය.

පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (27) කල් තැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More