ජනාධිපතිධූරයේ බලතල අඩු කිරිම සඳහා පුද්ගලික මන්ත්‍රිවරයකුගේ යෝජනාවක් ලෙස අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් කර තිබු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා බව විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට දන්වා ඇති බව වාර්තාවේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ කරුණු හෙළිදරවු කරණු ලැබුවේ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදිය.
කෙසේ වුවද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට වෙනත් සංශෝධන කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 10 කණ්ඩායම සහ ජාතික සංවිධාන විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කරන ලද සංශෝධන මග හැර යෑම සඳහා වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ සුදානමක් ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...