වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ හේතු සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ(25) නිර්දේශ කළේය.එමගින් අර්බූදයේ සත්‍ය හේතු සාධක මෙන්ම අර්බූදයට වගකිවයුත්තන් සොයා ගත හැකි බවද චරිත හේරත් මහතා පවසා සිටියේය.
ආර්ථිකය මෙහෙය වූ කිහිප දෙනෙකුගේ තීන්දු තීරණ හේතුවෙන් අද මුළු රටම විශාල අර්බුදයකට පත්ව ඇති බවත් මෙය අපරාධයක් ලෙස සලකා වහා සොයා බැලිය යුතු බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඊයේ (25) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා මෙම නිර්දේශය කළේය.
2020 මාර්තු-අප්‍රේල් මාසවලදී මුදල් ණයට ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වූ විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලිපියක් එවමින් පව්සා ඇත්ටේ රටේ ආර්ථික අර්බුදය ණය ගෙවීමට තරම් සුදුසු තත්වයක නොමැති බව යැයි මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කමිටුව හමුවේ අනාවරැනය කළේය.
එබැවින් ණය පහසුකම් ලබාගැනීම සඳහා පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල ලිඛිතව දන්වා තිබූ බවද ඒ මහතා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...