දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය නැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් පවසයි.
“වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න. තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ. මම පැහැදිලිව කියනවා. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි..පාවාදීම්වලට අපි නෑ. හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More