ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.
දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයෙන් සතියකට අවශ්‍ය ආනයනය සඳහාවත් ප්‍රමාණවත් නැති බව ද ඔහු අවධාරණය කළේය.
” ලබන වසරේ දී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකියාව ලැබේවි. නමුත් හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට නොහැකිවේවි.පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුට රැකියා අහිමි විය හැකියි. ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටේවි.” යනුවෙන් නන්දලාල් මහතා තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...