දේශීය පුවත්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගිය මැයි 20 දා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නව වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ පළමු වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ නිසි ලෙස ගබඩා නොකිරීම හේතුවෙන් පසුගිය වසර 9ක් තුළ රුපියල් මිලියන 6,259ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් බාල වී ඇති බවත් එසේ තත්ත්වයෙන් බාල වූ ඖෂධවලින් සියයට අනූනවයක් පමණ රෝගීන්ට දී ඇති බවයි.

ඒ අනුව, 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6,259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති බව අනාවරණය වේ.

කෙසේ වුවද මෙලෙස තත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කරගැනීමට ද නොහැකි වී ඇති බව කෝපා කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

ඒ අනුව සුරක්ෂිතතාව රැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය වෙත නියෝග කර ඇත.

කෝපා කමිටුව විසින් නිරීක්ෂණය කොට ඇත්තේ වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බවත් මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවේ පවා ඖෂධ තැන්පත් කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍යය අමාත්‍යංශය ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ, ඖෂධ ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවයි.
කෝපා කාරක සභාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත නියෝග කර ඇත්තේ, වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අයකර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More