පවතින වෛද්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වී ඇති බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
මෙම ආධාර වැඩසටහනේ මූලික අදියරේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට ද සංවිධානය එකඟ වී ඇත.
ඊයේ(24) පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍යය අලකා සිං මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව සෞඛ්‍ය වැඩසටහන මත පදනම්ව ජූලි හෝ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ඖෂධ හිඟය විසඳීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව වෛද්‍ය සිං පවසා ඇති බවද වාර්තාවේ.
ළදරුවන්ගේ සහ ගැබිනි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැපවී සිටින බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහයෝගය අග්‍රාමාත්‍යවරයා විසින් අගය කර ඇත.
ඖෂධ හිඟය මඟහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුවේ සභාපති රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් එම රැස්වීමට සහභාගි වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...