අනාගතය උදෙසා දැහැමි පාලකයකුගේ අවශ්‍යතාව අද රට තුළ මතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ ප‍්‍රකාශ කළහ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එ් මහතාගේ නිවසේ 20 වැනිදා සංවිධානය කර තිබූ දානමය පිංකමට එක්වෙමින් උන්වහන්සේ එසේ සදහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙඩරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ –
ජන්ම දිනය එක්තරා සතුටක්. කවුරුත් එකතු වෙලා උපන් දිනය සමරන අවස්ථාවක්. දුකෙන් කණගාටුවෙන් කවුරුත් ජන්ම දින සමරන්නේ නැහැ. සතුටත් එක්ක මේ දානමය පිංකම සංවිධානය කර තිබෙනවා. සතුටත් එක්ක දන් දෙන්න පටන් ගත්තේ බුදුන් වහන්සේ දවසේ සිටයි. අපේ සංස්කෘතිය තුළ 2500 වසරක් තිස්සේ සතුට පදනම් කරගෙන නොයෙක් උත්සව කෙරෙනවා. නමුත් බුද්ධ, සංඝ, ධම්ම යන තුන්රුවණත් මුල් කරගෙන ආගමානුකූලව ජන්ම දිනය සැමරීම වටිනා ආදර්ශයක්. තුණුරුවන්ගේ සරණ හැර වෙන සරණක් පිහිටක් නැහැ. රටේ පාලකයන් කටයුතු කළ යුත්තේ් සංඝරත්නයේ අනුශාසනා අවවාද මතයි. ස්වකීය දෙමාපියන් සිහි කරමින් ඥතීන් සමගයි මේ දානමය පිංකම සංවිධානය කර තිබෙන්නේ.
මේ පවුලේ සහෝදර සහෝදරියන් විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමාලා ගමන ආරම්භ කරන්නේ ගිරිවාපත්තුවෙන්. රුහුණේ කියන විට යම්කිසි අභිමානයක් තිබෙනවා. ගෝඨාභය, මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය කොතෙක් අවධානම් අවස්ථාවලදීත් මහා සංඝරත්නය එක තැනකට වැඩම කරවලා ජය පිරිතෙන් ආශිර්වාද ලබා ගත්තා. ගෙදර අප්පච්චි, අම්මා කියන භූමිකාව ඉතාමත් අභිමානවත්.
රටේ ජනපති පදවිය කියන එක වසර 10, -15 ක් පවතින්නේ නැහැ. වසර පහෙන් පහට වෙනස් වෙනවා. ඊළගට පත් වෙන්නේ 7 වැනි ජනාධිපති. ඊළග ජනාධිපති කවුරුන්ද කියන රූපරාමු වැටෙන විට ගෝඨාභය මහතාගේ රූපයත් එ් අතරට වැටෙනවා. 7 කියන්නේ වාසනාවන්ත අංකයක්. වාසනාවන්ත තනතුරට පත් වන්නට යම් කෙනෙක් සිටිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත රටේ ජනතාව තුළ ප‍්‍රාර්ථනාවක් තිබෙනවා. එ් ප‍්‍රාර්ථනාව මත බුදුදහම ජාතිය වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් අවශ්‍ය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ නිසා ජනතාවගේ ප‍්‍රසාදය එතුමාට හිමි වුණා.
අපට පේනවා රටේ දහම ක‍්‍රියාත්මක වෙන්නේ නැති බව. අපරාධ රැුල්ලක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා. අනාගතයට දැහැමි පාලකයෙක්ගේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. ඔබතුමන්ලාට ගොඩක් හිතන්නට වෙනවා රටේ ජනතාව බලාපොරොත්තු වන ඉල්ලූමට අපේ පැත්තෙන් සැපයුමක් දෙන්නේ කොහොමද කියන එක. මහා සංඝරත්නයට නිරන්තරයෙන් ආදරය කළ යුතුයි. ඔබතුමන්ලාගේ දේශපාලන ගමන මේ රටට හිතකර විදිහට සකස් කර ගැනීමට මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාව ලබා දෙනවා.
දානය ගැන මොන තරම් බණ කියන්න පුළුවන්. ඔබතුමන්ලා මහා සංඝරත්නය මෙම ස්ථානයට වැඩම කළේ බොහොම ගෞරවයකින්. වාසනාවන්ත පිංකමක් මේ සිද්ධ කළේ. බණ කියන්නේ හිතේ තිබෙන කෙළෙස් අඩු කරන්නයි. දානය කියන්නේ අත්හැරීමයි. සුඛෝපභෝගී ජීවිත, සැණසිලිදායක ජීවිත කියලා දෙකක් තිබෙනවා. සැණසිලිදායක ජීවිතයක් නැතිනම් සුඛෝපභෝගී ජීවිතවලින් වැඩක් නැහැ. අපි හැම වෙලාවකම උත්සව සංවිධානය කරනවා. අද මේ කළේ උත්සවයක් නෙමෙයි. මේ පිංකමෙන් සිද්ධ කළේ සිත දමනය කර ගැනීමයි. පිංකම කියන්නේ සිතේ සතුටයි. හිමිනමක් නිවසට වැඩම කළා කියන්නේ ධර්මයත් උන්වහන්සේලා සමග නිවසට ඇතුළු වෙනවා. අනුරාධපුර යුගයේ තිබූ සංස්කෘතිය, දුටුගැමුණු රජතුමාගේ තිබූ අභිලාෂයන් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප‍්‍රාර්ථනවා කරනවා.
අමරපුර පාර්ශ්වයේ මහනායක, ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ‍්‍රීත‍්‍රිපිටක විශාරද අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ –
දානය යනු බුද්ධිමත් ලෝකයා අනාදිමත් කාලයක සිට කරගෙන එන පිංකමක්. ගෝඨාභය මැතිතුමා බොහොම නිශ්ශබ්දවයි මේ පිංකම සිද්ධ කළේ. අඩුවෙන් කතා කරන, වැඩියෙන් ඇහුම්කන් දෙන කෙනෙක් විදිහටයි ඔබතුමා ජනතාව තුළ ප‍්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. බොහොම අඩුවෙන් කතා කරනවා. වැඩිපුර ඇහුම්කන් දෙනවා. එ්ක නායකයකුට අවශ්‍ය දෙයක්.
රටට ශ්‍රේෂ්ඨ යුතුකමක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළා. එ් නිසා ජනතාවගේ ප‍්‍රසාදය එතුමාට තිබෙනවා. එතුමා නායකත්වයට එන්නේ නැති නම් ඊළගට සුදුස්සා අසවලා කියා මතයක් රට තුළ ඇති වෙලා තිබෙනවා. එ්ක ලොකු සතුටක්. රටට ජාතියට දහමට ලැදි කෙනෙකු-ට මේ තනතුර ලැබෙන්නට අවශ්‍යයි. ඔබතුමන්ලාට පුද්ගලික ලාභ, ප‍්‍රයෝජන ගැන බලාපොරොත්තු නැහැ. රට, ලෝකය, ජනතාව ගැනයි හිතන්නේ. ජී.එල් පීරිස් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ පොහොට්ටුව පසුගිය මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළා. එ්කේන් පේනවා ජනතාවගේ ප‍්‍රසාදය තිබෙන්නේ කොතැනද කියලා. එ්ක පිටුපස සිටින්නේ කවුද කියන එක ජනතාව දන්නවා. රටට මේ පවුලේ සේවය තවදුරටත් අවශ්‍ය බව ජනතාව තුළ හැගීමක් තිබෙන බව පේනවා. එවැනි හැගීමක් ඇතිවන අයුරින් ඔබතුමන්ලා සේවයක් කරයි කියලා රටම දන්නවා. අනාගතයේ බලාපොරොත්තු තබා ගෙනයි රටවැසියා බලාගෙන ඉන්නේ. ජාතීන් අතර එකමුතුකම ඇති කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව ඔබතුමන්ලාට තිබෙනවා. රාජපක්ෂ පවුල ගැන මේ රටේ පමණක් නොව ජාත්‍යන්තරයෙත් ප‍්‍රසාදයක් තිබෙනවා. අද රටේ විවිධ ප‍්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අනාගතය සකස් කරගනු පිණිස ජනතාව වෙනුවෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාදෙන බව සිහි තබාගත යුතුයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, පවුලේ ඥතීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
– චාමින්ද කරුණාරත්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...