දේශීය පුවත්

මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පාඨලී චම්පික ඇමතිවරයාගේ මාධ්‍යය ඒකකය පවසන්නේ සියලු පාර්ශව වගකීමකින් කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරමින්ද පොදු අවම වැඩ පිළිවෙලක් බලගැන්වීම වෙනුවෙන් 43 සේනාංකය පහත සඳහන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කරණ බවයි. 43 සේනාංකය ඉදිරිපත් කරන සම්පූර්ණ යෝජනාව

මේ වන විට රටේ සමස්ත ජන ජීවිතයම මහා අනතුරකට ඇද දමා තිබෙන ආර්ථික අර්බුදයේ හා දේශපාලන අර්බුදයේ ගැඹුර මනාව වටහා ගනිමින්ද එය හමුවේ සමාජයේ සියලු පාර්ශව වගකීමකින් කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරමින්ද පොදු අවම වැඩ පිළිවෙලක් බලගැන්වීම වෙනුවෙන් 43 සේනාංකය පහත සඳහන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කර සිටියි.
කවර හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් ඔස්සේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා රටේ මතු වී තිබෙන දේශපාලන අර්බුදය යම් පමණකට හෝ විසඳා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය.
එහෙයින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මූලික වී ක්‍රියා කළ යුතුය.

දැන් පිහිටුවා තිබෙන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ. දැනට පිහිටුවා තිබෙන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් ලෙස ප්‍රකාශ කොට වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා මූලික වී ක්‍රියා කළ යුතුව ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් එම සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී විය යුතුය.

එසේම එම ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් මෙහෙයවීම සඳහා සර්ව පාක්ෂික නායකයන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ දේශපාලනික වශයෙන් ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහතික වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටවිය යුතුය.

තවද පාර්මේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ වගකීම ආරෝපණය වන පරිදි විධායක කාරක සභා පිහිටුවා ආණ්ඩුවේ කටයුතු විෂයයන් වශයෙන් වෙන් කර ඒවාට අදාල ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ කටයුතු නීර්ණය කිරීම එම කාරක සභා වලට පැවරිය යුතුය. කාරක සභාවේ සභාපති වරයාට අදාල විෂය ක්ෂේත්‍රයට වගකියන අමාත්‍ය වරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ හැකිය.

කාරක සභාවට අයත් විෂයයන්ට අදාල රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා කෙරෙන පත්කිරීම්

කාරක සභාවේ අනුමැතියට යටත් විය යුතුය.

ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළැක්වීම ආදී අංග සහිත යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත ඉදිරිපත් කර මාසයක කාලයක් ඇතුළත සම්මත විය යුතුය.

එසේම යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ක්‍රියකාරකම් හා ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දින ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා ඊ ළඟ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන කාලයද සඳහන් කරමින් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පළිබඳ පැහැදිලි මාර්ග සිතියමක් ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කළ යුතුය. අප මේ යෝජනා කරන කරුණු බහුතරයක් දැන් පවතින දේශපාලන වාතාවරණය යටතේ සාධනය කර කිරීම කිසිසේත් දුෂ්කර කටයුත්තක් නොවේ. ඒවා දුෂ්කර කොන්දේසි නොව මේ දුෂ්කර අවස්ථාවේදී ස්ථාවරභාවයක් ළඟා කර ගැනීම සඳහා අත්‍යවශයෙන් සපුරාගත යුතු සහ සපුරා ගත හැකි අවශ්‍යතාවකි.

මේවා ඉහත දැක්වූ පරිදි සිදුවන්නේ නම් එවැනි වාතාවරණයක් තුළ 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බලශක්ති විෂය පිළිබඳ කාරක සභාවේ හෝ වෙනත් ඕනෑම කාරක සභාවක වගකීම දැරීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More