සර්ව පාක්ෂික අරගල කරුවෝ නම් සංවිධානයක් විසින් ඉදිරිපත් කිරීමට යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරතවන බව නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරති. කෙසේ වුවද මෙම පිරිස මෙතෙක් කාලයක් ගාලු මුවදොර පිටියේ කඳවුරු බැඳ සිටින නිර්පාක්ෂික අරගලකරුවන්ද ඔවුන්ගෙන් බිඳී ආ කොටසක් ද යන්න මෙතෙක් තහවුරු වී නැත.
සර්ව පාක්ෂික අරගලකරුවෝ නම් සංවිධානය නිකුත් කල නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනයයි
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වළකාලීමේ බැසිල් මෙහෙයුම පරදවමු.
ජනතාව පීඩාවට පත්කරමින්, අරාජික දේශයක් නිර්මාණය කිරීමට හේතු වූ සහ අත්තනෝමතික අශිෂ්ට පාලනයකට මග පෑදූ 20 වැනි ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට රට තුළ පැන නැගී ඇති විරෝධය හා අප්‍රසාදය හමුවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පාර්ලිමේන්තුවට වගකීම පැවරෙන ප්‍රශස්ත පාලන ක්‍රමයක් ගෙන ඒමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අද (23දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නමුත් අසාර්ථක පාලනය හා දූෂණය නිසා ජනතාව විසින් රාජ්‍ය පාලනයෙන් පන්නා දමන ලද රාජපක්ෂ අවතාර විසින් එකී ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම යට ගැසීමේ, කල් යැවීමේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමේ කූට කුමන්ත්‍රණයක් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත දියත් කර ඇතැයි දැනගන්නට ඇත. රට මෙවැනි ආගාධයකට ඇදදමමින්, ජනතාව මහමඟට ඇද දැමූ රාජපක්ෂ පවුල් පාලනය තවදුරටත් පොදුජන හැඟීම් මායිම් නොකොට, හුදෙක් තම පවුලේ දේශපාලන බලය තහවුරු කිරීමේ පටු ආකල්පයෙන් යුතුව ගන්නා මෙම නීච උත්සාහයන් අපි තරයේ හෙළා දකිමු.
ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හරහා බැසිල් රාජපක්ෂ නම් ඇමෙරිකානු පුරවැසියා විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම අශිෂ්ට හා නින්දිත ක්‍රියාවලිය පරාජය කර, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සියලු භේද අමතක කොට එක්ව ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
තවද රට වෙනුවෙන් යැයි පවසමින් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් මහජන නියෝජිතයන් මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකරන සාධනීය සහ සක්‍රිය මැදිහත්වීම පිළිබඳවද අපි දැඩි අවධානයෙන් පසුවෙමු.
තවද සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රටට අත්කරදීමේ අරගලයේ පෙරමුණ ගනිමින් අප ශ්‍රී ලාංකේය පුරවැසියන් සමග එක්ව කටයුතු කරන අතර, එකී අරමුණ වෙනුවෙන් අප සමඟ එක්ව අත්වැල් බැඳගන්නා ලෙසට ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
– සර්වපාක්ෂික අරගලකරුවෝ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...