බැසිල් රාජපක්ෂට මන්ත්‍රීකම අහෝසි කරන එකට විරුද්ධ අය ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බවට සමාජ මාධ්‍යය ජාලා මගින් ගෙන යන මතය සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේම වචනයෙන්, ” ජාතික සංවිධාන විදියට අප කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍යය මහජන සංවාදය ගෙන ඒමට මේ අර්බූදය ඇතුලේ අවස්ථාවක් නැහැ. එලෙස සංවාදයක් නොමැතිව ව්‍යවස්ථා සංශෝධන ගෙන එන එක වැරදියි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වගේ බෙදුම්වාදයට පක්ෂපාතී නායකයෙකු යටතේ ව්‍යයවස්ථා සංශෝධනයක්ට එකතු වන එක භයානක දෙයක්. ගෝඨාභය ක්‍රියාත්මක නොකළ විධායක බලය රනිල්ට දුන්නාම හරි යනවා කියා අපි හිතන්නේ නැහැ. එදා 20 වන සංශෝධනය ගෙනාවෙත් අද 21 වන සංශෝධනය ගෙනාවෙත් බැසිල් නිසා කියනවානම් විජේදාස රාජපක්ෂ මහත්තය හිතනවා ඇති මේ රටේ ඉන්නේ සියලු දෙනා පොඩි ළමයි කියලා. මේ හදන්නේ නංගී පෙන්නල අක්කව දෙන්න. කපුටව පෙන්නල උකුස්සට බලය අරගෙන දෙන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...