පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා බියට පත්වී සිටින මොහොතක ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරමින් ලියා ඇති ලිපිය එතුමාගේ නමින් වෙනත් කෙනෙකු විසින් ලියා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග මහතා පවසා ඇති බවට ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තාවේ. කෙසේ වුවද ගුණදාස අමරසේකර මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එක වචනයක් හෝ වෙනස් නොකර එතුමා විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය පල කරන ලෙසයි. ගෙවිඳු කුමාරණතුංග මහතාගේ මතය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ දේශප්‍රේමී ජාතික පෙරමුණේ ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ, ” සාලිය පීරිස්ලා, සුමන්තිරන්ලා සහ විජේදාස රාජපක්ෂලා කියන දේම ජාතිකවාදී යැයි කියාගන්නා ගෙවිඳු කුමාරණතුංගලා කියන්නේ කොහොමද?. ඔවුන් දැන් මරාගෙන මැරිලා ව්‍යයවස්ථා සංශෝධන කරන්න යන්නේ රනිල් වික්‍රමසිංහ සමඟයි. මේ අය එක්කෝ මැරිල ඉපදිලා නැතිනම් දෙවියන්ගේ හාල් කැවිලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...