සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩියෝවක් මගින් කියවෙන වසරක් තිස්සේ පාසලට පැමිණීමට විදුහල්පතිවරයා අවසර නොදුන් සාමාන්‍ය පෙළ හදාරන සිසුවා සම්බණ්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කොට ඇත.
වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ විදුහලේ සිසුවකු වන අදාළ සිසුවාගෙන් මේ වන විට ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.වීරකැටිය පොලිසිය විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය අමරසිංහ මධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
ශිෂ්‍යයා විසින් එක්ක් කර ඇති වීඩියෝ දර්ශන වලට අනුව වසරක් පාසලට පැමිණීමට ඉඩ නොදුන් බව ත්, විවිධ ශාරීරික හිංසනවලට ලක් කළ බවට සඳහන් වන හෙයින්, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත්දැයි විමර්ශනය කොට එවැන්නක් සිදුව ඇත්නම් අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දන්වා යැවූ බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පවසා සිටී.
ඒ අතර වසරක් තිස්සේ විදුහලට පැමිණීමට අවසර නොදුන් බවට නගන චෝදනාව පිළිබඳව විමර්ශනය කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා යැවූ බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...